බංග්ලාදේශයේ පාර්ලිමේන්තුව විසුරුවා හරී
2024 August 06- Page Views : 10
ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ කොන්දේසි පරිදි අද (06) පස්වරු 3 වනවිට බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.
අන්තර්වාර රජයේ නායකයා ලෙස ශිෂ්‍ය ක්‍රියාකාරීන් යෝජනා කර ඇත්තේ, සමාජ ව්‍යවසායකයෙක්, ආර්ථික විද්‍යාඥයෙක් සහ සිවිල් සමාජ නායකයෙක් වන මුහම්මඩ් යුනුස් ය.
ශෙයික් හසීනාගේ දේශපාලන ප්‍රතිවාදියෙකු ද වන මුහම්මඩ් යුනුස් ක්ෂුද්‍ර ණය සහ ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පවල පුරෝගාමීත්වය වෙනුවෙන් 2006දී නොබෙල් සාම ත්‍යාගයද දිනා ගෙන තිබේ.
එමෙන්ම ශිෂ්‍ය ක්‍රියාකාරීන් අවධාරණය කරන්නේ ඔවුන් හමුදා පාලනයකට එකඟ නොවන බවය.