WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අමෙරිකාවේ ගුවන් අනතුරක්

2024 August 07- Page Views : 10

අමෙරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා නගරයේ දී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් වාර්තා සඳහන් කරනුයේ අනතුර සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවය.

ඔක්ලහෝමා නගරයේ පිහිටි සන්ඩාන්ස් ගුවන් තොටුපලින් ගමන් ආරම්භ කර විනාඩි කිහිපයක් ඇතුළත මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වී තිබේ.

අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණක් එරට ජාතික ගමනාගමන ආරක්ෂණ මණ්ඩලය ආරම්භ කර ඇති බවත් සඳහන්.