WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ටේලර් ස්විෆ්ට් ප්‍රසංගයට බෝම්බ ගහන්න හැදූ දෙදෙනක් කොටුවෙති

2024 August 08- Page Views : 10

ඇමෙරිකන් පොප් ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ සංගීත ප්‍රසංග මාලාවක් ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ පුද්ගලයන් දෙදෙනකු ඔස්ට්‍රියා ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය පවසයි.

ලොව ලොකු කුඩා කා අතරේත් ප්‍රසිද්ධියට පත් ටේලර් ස්විෆ්ට්ගේ ප්‍රසංග මාලාවක් දින තුනක් තිස්සේ ඔස්ට්‍රියාවේ වියානා නුවර දී පැවැත් වීමට නියමිතව තිබුණි. ත්‍රස්ත ප්‍රහරය ගැන අනතුරු ඇගවුණු සැණින් ප්‍රසංග මාලාව අවලංගු කෙරුණි. ප්‍රසංග පැවැත්වීමට නියමිතව තිබුණේ අර්නස්ට් හැපල් ක්‍රීඩාංගනයේදීය.

ඔස්ට්‍රියානු ආරක්ෂක අංශ පැහැදිලි කළේ, අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙදෙනා අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය හා සම්බන්ධ අය බවය. ඔවුන්ගේ නවාතැන සෝදිසි කරද්දී බෝම්බ ඇටවීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය හමුවී ඇත.