අරගලය පසුපස පාකිස්තාන අයි.එස්. බුද්ධි අංශය
2024 August 09- Page Views : 10
බංග්ලාදේශ අරගලය පසුපස සිටින්නේත්, එය මෙහෙයවීම කළේත් පාකිස්තානයේ අයි.එස්. බුද්ධි අංශය බවත්, එම බුද්ධි අංශයේ අරමුණ බංග්ලාදේශය අස්ථාවර කිරීමට බවත් ශිෂ්‍ය විරෝධතා හමුවේ ධුරයෙන් බවත් වී රටින් ද පලා ගිය අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ පුතු සජීබ් වසීඩ් චෝදනා කරයි.
සජීබ් වසීඩ් බංග්ලාදේශ ව්‍යාපාරිකයෙකි. ඔහු මෙසේ චෝදනා කළේ අයි.ඒ.එන්.එස්. පුවත් සේවය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමිනි. තම මව ෂෙයික් හසීනා යළි කිසි දිනෙක දේශපාලනයට පැමිණෙන්නේ නැති බව ද එම සම්මුඛ සාකච්ඡාවේදී සජීබ් වසීඩ් යළිත් වරක් අවධාරණය කළේය.