බ්‍රසීල ගුවන් යානයක් අනතුරේ
2024 August 10- Page Views : 10
පුද්ගලයන් 62 ක් සමග පියාසර කරමින් තිබුණු බ්‍රසීලයට අයත් එරට අභ්‍යන්තර ගුවන් යානයක් කඩා වැටුණි. යානය කඩා වැටුණේ සාඕ පාවුලෝ ප්‍රාන්තයටය.
කඩා වැටුණේ වෝපාස් ලිහ්හාස් ගුවන් සමාගමට අයත් ඒ.ටී.ආර්. 72 වර්ගයේ ගුවන් යානයකි.
මගී යානය පරානා ප්‍රාන්තයේ කැස්කාවෙල් නගරයේ සිට සාඕ පාවුලෝ ප්‍රාන්තයේ ගුවාරුල්හෝස් නගරය දක්වා පියාසර කරමින් තිබියදී අනතුර සිදුවුණු බව පැවැසෙයි.
යානයේ සිටි 62 ගෙන් 58 දෙනකු මගීන් බවත්, සෙසු පිරිස කාර්ය මණ්ඩල සාමාජිකයන් බවත් පැවැසෙයි.