ඕස්ට්‍රේලියාවේ හෝටලයකට හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් ගුවන් නියමුවා මරුට
2024 August 12- Page Views : 10
ඔස්ට්‍රේලියාවේ උතුරු කුවීන්ස්ලන්ත කෙයාන්ස් නගරයේ හෝටලයක් මතට හෙලිකොප්ටරයක් කඩා වැටී ඇති බව වාර්තා වෙයි.
එම අනතුරෙන් එම යානයේ නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබුණි.
යානය අනතුරට පත්වන අවස්ථාවේ එහි සිට ඇත්තේ නියමුවා පමණි.
අද උදෑසන එරට වේලාවෙන් 01:50ට පමණ එම අනතුර සිදුව ඇති අතර බලධාරීන් පවසන්නේ එම යානය නිසි අවසරයකින් තොරව ගුවන්ගත කර ඇති බවයි.
හෝටලයේ සිටි අමුත්තන් දෙදෙනෙක් රෝහල්ගත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය යහපත් බව සඳහන් ය.