බංග්ලාදේශ අරගලයට කිසිම සම්බන්ධයක් නෑ
2024 August 13- Page Views : 10
බංග්ලාදේශ රජය පෙරලූ ශිෂ්‍ය අරගලය පසුපස ඇමෙරිකාව සිටිනවා යැයි එල්ල වන චෝදනා මුළුමනින්ම අසත්‍ය බවත්, තමන්ගේ කිසිදු සම්බන්ධයක් ඊට නොමැති බවත්, ඇමෙරිකාව පවසයි. ඇමෙරිකාව වෙනුවෙන් මෙසේ පැවැසුවේ, ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරීන් ජීන් පියේය.
‘අපගේ කිසිම සම්බන්ධයක් බංග්ලාද්ශ අරගලයට නැහැ. සම්බන්ධයක් තිබෙනවා යැයි රාවයක් පැතිරෙනවා. ඒත් අප අවධාරණය කරන්න කැමතියි බංග්ලාදේශ අරගලයට අපේ කිසිම සම්බන්ධයක් නැහැ’ යැයි ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය පැහැදිලි කර තිබේ.