ගාසා තීරයෙන් පෝලියෝ රෝගියෙක්
2024 August 18- Page Views : 10
ඊශ්‍රායල සහ හමාස් යුද ගැටුම්වලට මැදිව සිටින ගාසා තීරයෙන් වසර 25කට පසුව පෝලියෝ රෝගියෙකු හමුවී තිබේ.
පලස්තීන සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ මධ්‍යම ගාසා තීරයේ එන්නත්කරණයට ලක් නොවූ මාස 10ක් වයසැති බිළිඳෙකුට මෙලෙස පෝලියෝ රෝගය වැළඳී ඇති බවය.
යුද්ධය හේතුවෙන් මාස 11ක් පුරා එන්නත්කරණ කටයුතු නතර කිරීම හේතුවෙන් පෝලියෝ රෝගය යළි ව්‍යාප්තවීමේ අවදානමක් මතුවිය හැකි බව මීට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනතුරු ඇඟවිමක් ද සිදුකර තිබුණි.
යුද්ධයට විරාමයක් ලබා දී 640,000ක් පමණ වන කුඩා දරුවන් සඳහා එන්නත්කරණය කඩිනමින් කටයුතු ආරම්භ කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටේරස් අවධාරණය කර දින කිහිපයකට පසුව මෙම පෝලියෝ රෝගියා වාර්තා වීමද විශේෂත්වයකි.