පණ්ඩ්‍යා- නටාසා දික්කසාදයේ අලුත්ම කතාව
2024 September 04- Page Views : 227
ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා සම්බන්ධව පසුගිය කාලයේ බොහෝ සෙයින් කතාබහට ලක්වුණා.
ඒ ඔහු දක්ෂතා අතරට නොපැමිණීම සහ ඔහුගේ විවාහය දෙදරා යාම සම්බන්ධවයි.
කෙසේ නමුත් ලෝක කුසලානයෙන් අනතුරුව ඔහු විවේචනය කළ බොහෝ දෙනෙකු ඔහුව අගයන්නට පටන් ගත්තා.
ඒ කාලවකවානුවේම නටාසා සහ පාණ්ඩ්‍යාගේ දික්කසාදය සම්බන්ධව ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
මේ අතරම ඉන්දීය පුවත් වාර්තා කරන්නේ නටාසා ඔවුන්ගේ පුතු අගස්ත්‍යාව පාණ්ඩ්‍යාට භාර දී ඇති බවටයි.
දික්කසාදයෙන් අනතුරුව නටාසා සිය පුතු සමග සර්බියාවට පිටත්ව ගියා.
කෙසේ නමුත් නැවත ඉන්දියාවට පැමිණ අගස්ත්‍යාව පාණ්ඩ්‍යාවට භාර දී ඇති බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
හර්දික්ගේ සොහොයුරාවන කුර්නාල්ගේ බිරිඳ සිය ඉන්ස්ටා ගිනුමේ අගස්ත්‍යා සමග සිටින ඡායාරූපයක් පළ කිරීමත් සමග පාණ්ඩ්‍යා සහ නටාසා සම්බන්ධව නැවතත් කතාබහක් ඇති වුණා.