WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ආසාවෙන් සව් කැඳ බිව්වාට "සව්" කියන්නේ මොනවාද කියලා හරියටම දැනගෙන හිටියාද..?

2024 September 04- Page Views : 18

බිව්වට ගොඩක් දෙනා දන්නේ නැහැ මේ "සව් " කියන්නේ මොනවද කියලා මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි.

සව් ( Sago) යනු, මෙය කැලරිවලින් බහුල ආහාරයක් වුවද, එහි ප්‍රෝටීන්, මේදය, විටමින් සහ තන්තු අන්තර්ගතය සාපේක්ෂව අඩුයි නමුත් සව් ආශ්‍රිත ආහාර පිළියෙළ කිරීමේදී පළතුරු, කිරි, පොල් කිරි වැනි වෙනත් අමුද්‍රව්‍ය එකතු කිරීමෙන් සමබල ආහාරයක් සකසා ගත හැකියි.

සව් යනු ග්ලූටන් රහිත ආහාරයක් එබැවින් සිලියැක් රෝගය (Celiac disease) සහ Gluten Intolerance යන තත්ත්ව සහිත පුද්ගලයින්ට එය උචිත වෙනවා.

"සව්" වර්ග ප්‍රධාන වශයෙන් දෙකක් තියනවා එකක් තමයි Sago Palms (Metroxylon Sagu) ගස් වල කඳෙන් ලබා ගන්නා පිටි වලින් හදන සව් අපි ලංකාවේ කිතුල් පිටි හදන විදිහට තමයි සාගෝ පිටි හදන්නේ මීට අමතරව තවත් Plams වර්ගයේ ගස්වලින් " සව් " හදනවා ( Metroxylon salomonense , Metroxylon amicarum )නිව්ගීනියා රටේ ප්‍රධාන ආහාරය සැකසෙන්නේ මේ Sago Palms ගස් වලින් සකස් කරගන්නා පිටිවලින්.

ඉන්දුනීසියාව හා මැලේසියාව තමයි ලෝකේ ප්‍රධානතම "සව්" පිටි නිෂ්පාදකයින් වෙන්නේ සාමාන්‍ය Sago Plams ගහක් පිටි ගන්න තත්වයට පත්වෙන්න අවුරුදු 8 -10 පමණ කාලයක් ගතවෙනවා..හොඳින් වැඩුනු ගහකින් එකවරකට කිලෝ 150 - 300 ක් විතර ගන්න පුළුවන් මේ ගස්වල මල පීදෙන්න ඔන්න මෙන්න අවස්ථාවේ තමයි වැඩිම අස්වැන්නක් ගන්න පුළුවන් වෙන්නේ.

මීට අමතරව "සව්" හදන්න භාවිතා කරන තවත් ගස් වර්ගයක් වෙන්නේ " සයිකස්" (Cycas revoluta ) මේ ගස බොහෝම හෙමින් තමයි හැදෙන්නේ.. මේ ගසේ කඳෙන් වගේම මුල් සහ ගෙඩි වල මදයෙනුත් " සව් " පිටි නිෂ්පාදනය කරන්න පුළුවන් නමුත් මේ සමහර සයිකස් වර්ග ඉතා විෂ සහිතයි... "සව්" නිෂ්පාදනය කරන ඊළඟ වඩා ප්‍රසිද්ධ ක්‍රමය තමයි මඤ්ඤොක්කා පිටි භාවිතා කිරීම.

මෙය අඩු වියදමින් " සව් " නිෂ්පාදනය කරන විකල්ප ක්‍රමයක්... නියම "සව්" මිලදී ගන්න අවශ්‍ය නම් නිෂ්පාදකයාගේ විස්තර හොඳට කියවල බලල තමයි මිලදී ගතයුතු වන්නඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, ඉන්දියාව, යන රටවල ප්‍රධාන වශයෙන් මේ මඤ්ඤොක්කා පිටි තමයි භාවිතා කරන්නේ...ඉඳලා හිටලා සව් කැඳ එකක් බොන අපිටනම් මේ දෙක වෙන් කරලා අඳුන ගන්න පුළුවන් වෙන එකක නෑ .

හැබැයි ඉතින් "සව්" කැඳ විතරක් නොබී අනිත් රටවල් වල වගේම කෑම බීම හැදුවොත් දන්සැල්වලට සීමා නොවී Healthy and Posh "සව්" නිෂ්පාදන අපේ රටේ තරු පන්තියේ අවන්හල්වලත් දැකගන්න පුළුවන් වේවි.