WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හිස්බුල්ලා ‘වෝකි-ටෝකි’ පුපුරයි

2024 September 19- Page Views : 30

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර පුපුරා යෑමෙන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 450 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් වාර්තා වේ.

‘වෝකි-ටෝකි’ පුපුරා යෑමට පටන් ගත්තේ, හිස්බුල්ලා සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට භාවිත කරන ‘පේජර්’ යන්ත්‍ර පුපුරා යෑමෙන් පැය කීපයකට පසුවය.

එම ‘පේජර්’ යන්ත්‍ර පුපුරා යෑමෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. කුඩා දරුවන් දෙදෙනකු ද ඒ අතර සිටින බව වාර්තා වේ. ‘පේජර්’ යන්ත්‍ර පුපුරා යෑමෙන් තුවාල ලැබූ ගණන 3,000 ක් බව ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය කියයි.