WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලෙබනනයේ ශ්‍රී ලාංකිකයින්ට යළි දැනුම්දීමක්

2024 September 24- Page Views : 10

ඊශ්‍රායලයේ ඉලක්ක වෙත හිස්බුල්ලා සංවිධානය එල්ල කරන ෂෙල් සහ රොකට් ප්‍රහාර හේතුවෙන් එහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් වඩාත් කල්පනාකාරීව කටයුතු කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඉල්ලීමක් කර තිබේ.

ලෙබනනයේ දකුණු ප්‍රදේශයේ සිට හිස්බුල්ලා සංවිධානය විසින් ෂෙල් හා රොකට් ප්‍රහාර ගණනානවක් ඊශ්‍රායලයේ උතුරු කලාපයේ පිහිටි හයිෆා, ගැලිලි, ගෝලන්, හා නාසරිත් යන ප්‍රදේශවල ඉහළ අහසේ සිට අයන් ඩෝම් පද්තිධය මඟින් විනාශකර ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් වනාන්තර වියළි ප්‍රදේශවලට වැටුණු සුන්බුන් හේතුවෙන් අදාළ ප්‍රදේශවල ගිනිගැනීම් හටගෙන ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය හමුවේ විටින් විට එල්ලවන මෙම ප්‍රහාර පිළිබඳව විමසිලිමත්ව කටයුතු කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී තිබේ.

ආරක්ෂිත නලා නාදවන සෑම අවස්ථාවක දීම තමන් අසල ඇති ආරක්‍ෂිත නිවස්නයට ගොස් ආරක්ෂාව සලසා ගන්නා ලෙස ඊශ්‍රායලයේ උතුරු කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව ඔහු ප්‍රකාශ කර ඇත.