WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බ්‍රික්ස් සමුළුවට පෙර රැස්වූ විද්වතුන්

2024 October 20- Page Views : 36

ලබන 22වැනිදා ආරම්භ වීමට නියමිත 2024 බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව නිමිත්තෙන් ගෝලීය දකුණු විද්වත් පර්ෂද සංවාදය චීනයේ බෙයිජිංහිදී පසුගියදා පැවැත්විය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ සබඳතා දෙපාර්තමේන්තුවේ හා චීන මාධ්‍ය සමූහයේ පොදු ප්‍රමුඛත්වයෙන් සංවිධාන කෙරුණු එම සංවාදයේ තේමාව වූයේ, "සාමය, සංවර්ධනය, ආරක්ෂාව සමඟ, පොදු ඉරණමක් සහිත සමෘද්ධිමත් ලෝකයක් එක්ව ගොඩනැගීම" යන්නයි.

බ්‍රික්ස් හෙවත් මෑතකදී කාර්මීකරණයට ලක්වූ රටවල රාජ්‍ය නායකයින්ගේ 16 වැනි සමුළුව ලබන 22 වැනිදා රුසියාවේදී ආරම්භ වීමට නියමිතය.

2024 බ්‍රික්ස් සමුළුව නිමිත්තෙන් ගෝලීය දකුණු විද්වත් පර්ෂද සංවාදය චීනයේ බෙයිජිංහිදී පසුගියදා පැවැත්වුණි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ සබඳතා දෙපාර්තමේන්තුවේ හා චීන මාධ්‍ය සමූහයේ පොදු ප්‍රමුඛත්වයෙන් මෙය සංවිධානය කර තිබූ අතර එහි තේමාව වූයේ, "සාමය, සංවර්ධනය, ආරක්ෂාව සමඟ, පොදු ඉරණමක් සහිත සමෘද්ධිමත් ලෝකයක් එක්ව ගොඩනැගීම" යන්නයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නිලධාරීන් ද ඇතුලුව ලොව පුරා රටවල් 76ක දේශපාලන ප්‍රධානීන්, රජයේ නියෝජිතයින්, විද්වතුන් සහ මාධ්‍ය නියෝජිතයින් මාර්ගගත සහ මාර්ගගත නොවන ආකාරවලින් ඊට එක්ව සිටියේය.

මෙහිදී අදහස් දක්වමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ සබඳතා දෙපාර්තමේන්තුවේ අමාත්‍ය ලියු ජියන්චාඕ මහතා අවධාරණය කළේ, ගෝලීය දකුණේ රටවල් සමඟ සමීප වෙමින් ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ක්‍රියාත්මක කිරීම සහ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම උදෙසා විශාල "ගෝලීය දකුණේ" ශක්තියක් එක් කිරීමට චීනය සූදානමින් සිටින බවය.

එමෙන්ම චීන මාධ්‍ය සමූහය, චීනය සහ "ගෝලීය දකුණේ" රටවල් අතර අන්‍යෝන්‍ය සබඳතා සඳහා සුවිශේෂී පාලමක් ගොඩනඟනු ඇති බව මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ‍ජනරාල් ෂෙන් හයිෂියොන්ග් මහතා සඳහන් කළේය.

මෙවර බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව මේ මස 22 වනදා සිට 24 වනදා දක්වා රටවල් 09 ක සහභාගීත්වයෙන් රුසියාවේ කසාන් නගරයේදී පැවැත්වීමට නියමිතය.