WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලෙබනනයේ නගර 25 කට ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායලය අනතුරු අඟවයි

2024 October 21- Page Views : 36

ලෙබනනයේ අගනුවර වන බෙරූට් ඇතුළුව නගර 25කට ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායලය අනතුරු අඟවා තිබෙනවා.

හිස්බුල්ලා සංවිධානයට ආධාර අනුබල ලබාදෙන බැංකු ඇතුළු මුල්‍ය ආයතන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවටයි ඔවුන් සදහන් කළේ.

ඊශ්‍රායලය ප්‍රහාරය එල්ල කරන බවට අනතුරු අගවා ඇති නගර 14ක් පිහිටා ඇත්තේ බේරූට්වලයි.

මෙම අනතුරු ඇගවීමත් සමග ඇතැම් නගරවල වැසියන් ප්‍රදේශය අතහැර ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරමින් සිටින බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

මේ අතර, හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායල හමුදා කදවුරු කිහිපයකට ද ප්‍රහාර එල්ල කර තිබෙනවා.