WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මාස කිහිපයක් පෝලිමේ හිටපු පාස්පෝට් එක එකපාරටම අලුත් වුණ හැටි දන්නවාද..? පැහැය විතරක් නෙවෙයි ඇතුල් පිටුත් වෙනස් වෙලා..

2024 October 22- Page Views : 21

කියන්න යන්නේ අලුත් වුණ ගමන් බලපත්‍රය ගැන කතාවක්.

මාස කීපයක් තිස්සේ පැවති විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අර්බුදය නිමා කරමින් නව ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඊයේ සිට පියවර ගත්තා.

නව විදේශ ගමන් බලපත්‍රයේ පැහැය වෙනස් කොට ඇති අතර එය නිල් පැහැයෙන් යුක්තය.

තවද පැරණි විදේශ ගමන් බලපත්‍රයක පිටු 64ක් තිබූ අතර නව විදේශ ගමන් බලපත්‍රය පිටු 48කින් සමන්විතය.

අලුත්වුණ පාස්පෝට් එක බලන්න ගොඩක් අය ආසාවෙන් ඉන්නවා නේද..? මේ පාස්පෝට් එකේ තියන විශේෂත්වය දැනගන්න ඔයත් කැමතියිද බලන්නකෝ.. නව විදේශ ගමන් බලපත්‍රයේ P අංක භාවිතා කරන අතර මීට පෙර නිකුත් කර තිබූ විදේශ ගමන් බලපත්‍රවල පැවතියේ N අංකයන්.

තවද නව විදේශ ගමන් බලපත්‍රයේ ඇතුළු පිටු සියල්ලම අලංකාරවත් ඡායාරූපවලින් සමන්විතයි.

ශ්‍රී දළදා මාලිගාව, යාපනය නල්ලූර් කෝවිල, කොළඹ නෙළුම් කුළුණ, ඓතිහාසික ගාල්ල ලන්දේසි කොටු පවුර, පොළොන්නරුව ඓතිහාසික ස්ථාන, රිටිපන්න ධීවර කර්මාන්තය, ආරැක්කු නවයේ පාලම, සීගිරිය, තේ වගාව, රබර් කිරි කැපීම හා ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ සංචාරක ස්ථාන සහ මෙරට සංස්කෘතිය විදහාපාන සාම්ප්‍රදායික කර්මාන්තවල ඡායාරූප නව විදේශ ගමන් බලපත්‍රයේ අන්තරගතයි.

කෙසේ වෙතත්, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළේ මේ වන විට නව විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණවත් තොග ලැබී ඇති හෙයින් ඉදිරියේදී ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ තදබදය අවම විය හැකි බවයි.

මෙන්න බලන්න, අලුත් ගමන් බලපත්‍රයේ ඇතුල් පිටු දැකගන්න ඔබත් කැමති නේද..?