WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගිලිහුණු දුරකතකනය සොයන්නට ගිය තරුණියකට නොසිතූ අනතුරක්.. පැයකට වඩා උඩුයටිකුරුව සිරවී සිටි ඇයව බේරා ගන්න දැවැන්ත මෙහෙයුමක්..

2024 October 23- Page Views : 9

ගොඩක් දෙනෙක් එක එක විදිහේ අභියෝගවලට මුහුණ දෙන්න කැමැත්තෙන් ඉන්නවා මේ කියන්න යන්නේ ඒ වගේ අභියෝගයක් මැද ඇයට අත්වූ නොසිතූ ඉරණමක් ගැන කතාවක්.

මේ පුවත වාර්තා වෙන්නේ ඔස්ට්‍රේලියාවෙන් ඔස්ට්‍රේලියාවේ කඳු නැගීමට ගිය තරුණියක් අතින් සිය ජංගම දුරකථනය ගිහිලී තිබෙනවා එය ලබාගැනීමට උත්සාහ කිරීමේදී ජංගම දුරකථනය ලබාගැනීමට උත්සාහ කළ තරුණියක් ලිස්සා ගොස් ගල්පර දෙකක් අතර සිරවී තිබෙනවා.

Matilda Campbell නම් මෙම තරුණිය මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, නිව් සවුත් වේල්ස් හි Hunter Valley ප්‍රදේශයේදී බවයි වාර්තා වෙන්නේ කෙසේ වෙතත් වහාම ක්‍රියාත්මක වුණු ආරක්ෂක නිලධාරීන් විශාල පරිශ්‍රමයක් දැරීමෙන් පසු ඇයව බේරා ගන්න සමත් වී තිබුණා.

ගලවා ගැනීමේ නිලධාරීන් එහි පැමිණෙන මොහොත වන විටත් අදාළ තරුණිය පැයක පමණ කාලයක් තිස්සේ උඩු යටිකුරුව සිරව සිට ඇති බවටයි වාර්තා වෙන්නේ කොහොම වුණත්, සුළු සීරීම් සහ තැලීම් පමණක් සහිතව ඇයව සාර්ථකව බේරාගැනීමට අදාල නිලධාරීන් සමත්ව තිබුණා.

එහෙත් ඇගේ දුරකථනය ලබා ගැනීමට හැකියාවක් නොලැබුණු බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.