සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ හදිසි මරණය ගැන වෙනස්ම කතාවක් එළියට...
2025 February 17- Page Views : 63 ගොඩක් දෙනෙක් එහෙම කියද්දී, ඇගේ මරණය ගැන ගොඩක් දෙනෙක් පසුගිය දිනවල කතා වුණා.
මේ ඒ සිද්ධිය ගැන ඇසෙන තවත් එක් විශේෂ කතාවක්.
යාපනය චාවකච්චේරී සහකාර ප්‍රාදේශීය ලේක්ම්වරිය වන තමිලිනී සදීසන් සිය සිරුරට ගිණි තබා ගැනීමෙන් ඊයේ (16) මියගිය බවට අනාවරණය වී තිබෙනවා.
පවුලේ ආරවුලක් මත ඇය මෙසේ සියදිවි හානි කරගත් බවටයි තොරතුරු හෙළි වී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
යාපනයේ නීර්වේලි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක් වූ ඇය සමග ඇගේ කුස තුළ සිටි හය මාසයක බිළිඳු කලලයද මියගොස් ඇති බව යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සනාථ කර තිබෙනවා.
මියගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ ස්වාමියා යාපනයේ කෝපායී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරියෙකු වන අතර, ඔවුන්ට වයස අවුරුදු හයක දියණියක් ද සිටිනවා.
ඇයව රෝහල්ගත කරන විට ස්වාමි පුරුෂයා ප්‍රකාශ කර ඇත්තේ, කාමරයක ඉටිපන්දමක් දැල්වීමට ගිය අවස්ථාවේදී ඇයගේ සිරුරට ගිණි ඇවිලුණු බවයි.
.
මියගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ මරණය සම්බන්ධයෙන් යාපනය ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රේම්කුමාර් නාමශිවායම් විසින් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිගමනය වී ඇත්තේ, ඇය මාස හයක ගැබිණි කාන්තාවක් බවත්, මවත් කුසේ වූ දරු කලලයත් මියගොස් ඇත්තේ අධික ලෙස රශ්මියට පත් වී ඇති වූ අභ්‍යන්තර රුධිර වහනයකින් හා දැඩි කම්පනයකින් බවයි.
ඉදිරිපත් වූ සාක්කි වලට අනුව මෙම මරණය සිය දිවි හානි කර ගැනීමක් ලෙස යාපනය රෝහලේ හදිසි මරණ පරීක්ෂක එස්. ජෙයබාලන් තීරණය කොට ඇති අතර, මියගිය අයගේ මළ සිරුර ආදාහනය නොකොට යළි ගොඩ ගැනීමකට අවශ්‍ය වුවහොත් එය සිදු කිරීමට හැකි පරිදි වෙනම ස්ථානයක මිහිදන් කරන ලෙසටද නියෝග කර තිබෙනවා.