WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හදිස්සියේම ජීවිතයෙන් සමුගත් ක්‍රීඩිකාවක් ගැන ඇසෙන කතාව මෙන්න...

2025 February 20- Page Views : 56

තවමත් තරුණ වයසේ පසුවෙන ක්‍රීඩිකාවක් මේ ක්‍රීඩාව ඇගේ ජීවිතයම වුණු නිසා ඇය පුහුණුවීම් කළේ පුදුම උනන්දුවකින්.

ඒත් නොසිතූ මොහොතක මෙවැනි අනතුරකින් ඇයට දිවි අහිමි වේවි කියා කවුරුත් හිතන්නේ නැතුව ඇති මේ ඒ ගැන ඇසෙන සංවේදී කතාවයි.

ඉන්දියාවේ ජාතික මට්ටමේ කනිෂ්ඨ බර එසවුම් ක්‍රීඩිකාවක් වන 17 හැවිරිදි යෂ්ටිකා ආචාර්යා බිකනර් හි ව්‍යායාම ශාලාවක පුහුණුවීම් කරමින් සිටියදී සිදුවූ ඛේදජනක අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කිලෝග්‍රෑම් 270ක බාබෙල් එකක් ලිස්සා ගොස් ඇගේ බෙල්ලට වැටීමෙන් මාරාන්තික අස්ථි බිඳීමක් සිදු වී ඇය ජීවිතක්ෂයට පත් වූ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඇගේ පුහුණුකරු ප්‍රථමාධාර ලබා දී ඇය රෝහලට ගෙන ගියද, වෛද්‍යවරු පැමිණෙන විටත් ඇය ජීවිතක්ෂයට පත්වී ඇති බව සඳහන්.

ඇගේ පවුලේ අය විවාහ මංගල්‍යයක් සඳහා හනුමන්ගාර් වෙත ගොස් ඇති අතර ඇය එම උත්සවය සඳහාද සහභාගී නොවී සිටියේ පුහුණුවීම්වලට සහභාගී වීම සඳහායි.

පසුගිය වසරේ ගෝවාහි පැවති ජාතික බෙන්ච් ප්‍රෙස් ශූරතාවලියේදී උප-කනිෂ්ඨ කිලෝග්‍රෑම් 84 සහ ඊට වැඩි කාණ්ඩයේ රන් පදක්කම දිනා ගැනීමට ඇය සමත් වුණා.