අම්බලන්ගොඩ කදුළින් නැහැවූ දුම්රිය අනතුර නිසා 16 හැවිරිදි පුතෙකු ජිවිතය හැරගිය හැටි.
2025 March 03- Page Views : 90 ජිවිතේ හරිම පුදුම දෙයක් මේ වගේ අවාසනාවන්ත සිදුවීමක් වේවී කියලා ඔහු හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.
අම්බලන්ගොඩ කරිත්තකන්ද රේල් ගේට්ටුව අසලදී දුම්රියක ගැටී පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, ඇල්පිටිය ,ඇල්ල පාර ප්රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි තුෂදු සංදීප නම් සිසුවෙක්.
සිසුවා එම අවස්ථාවේ ජංගම දුරකථනයේ හෑන්ඩ්ෆ්රී භාවිත කරමින් ගමන් කිරීම නිසා දුම්රියේ ශබ්දය ඔහුට නොඇසීම හේතුවෙන් සිසුවා දුම්රියේ ගැටී ඇති බවයි පොලිසිය පැවසුවේ.