මුළු රටම බලාපොරොත්තුවෙන් සිටින මොහොතට තවත් හෝරා කිහිපයක් තිබියදී, අනුදි ගැන ඇසුණු අලුත්ම ආරංචිය මෙන්න..
2025 May 23- Page Views : 235
ලස්සන දවස අදයි.. ඇය මේ වෙනකොට Head-to-Head Challenge අංශයේ අවසන් 20 දෙනා අතරට තේරී පත්ව තිබෙනවා.
අනුදි ගුණසේකර, මේ වන විට බොහෝ දෙනෙක් කතා කරන්නේ රූ රැජින කිරුළ අභියස සිටින ඇය ගැනයි.
අනුදි සහභාගිවන Head-to-Head Challenge අංශයේ අවසන් 20 දෙනා සහභාගිවන අවසන් තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.. රූ රැජිනියන් 107ක් අතරින් ඇය මෙලෙස අවසන් 20 දෙනා අතරට සුදුසුකම් ලබා සිටිනවා.
ඉන්දියාවේ තෙලගනාහිදී 72වන "ලෝක රූ රැජින තරගයේ" අවසන් මහා තරගය අද පැවැත්වෙන අතර ඇය මෙවර "ආසියානු සහ ඕෂනියා කලාපයෙන්" හොඳම 5 දෙනා අතරට පැමිණ තිබීමද විශේෂත්වයක් වෙනවා.
ඇය සමගින් මෙම වටයට ආසියානු සහ ඕෂනියා කලාපයෙන් තේරී පත්වුණු අනෙක් රටවල් වන්නේ තායිලන්ත, තුර්කි, ලෙබනන් හා ජපානයයි..