WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කඩු ප්‍රහාරයට ලක්වූ තිදෙනාගෙන් අයෙක් මරුට

2025 May 31- Page Views : 1190

කඩු ප්‍රහාරයකට ලක්වී රෝහල්ගත කළ පුද්ගලයින් තිදෙනෙකු අතරින් එක් අයෙකු මියගොස් තිබේ.

ඊයේ (30) රාත්‍රී කාලයේ ඇහැලියගොඩ පොලිස් වසමේ නැදුරන හංදියේ රේල් පාර අසලදී පුද්ගලයින් තිදෙනෙකුට මෙලෙස පිරිසක් විසින් කඩුවලින් පහරදී ඇත.

ඒ හේතුවෙන් බරපතළ තුවාල ලබූ තිදෙනා ඇහැලියගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඉන් එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අනෙක් තුවාලකරුවන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට මාරු කර යවා ඇත.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් වූ ඉද්දමල්ගොඩ, ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇහැලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.