බඹරු ඇන සැමියා මරුට: බිරිය රෝහලේ
2025 June 19- Page Views : 1189
තම ගෙවත්තෙහි පොල් කඩන්නට ගිය අඹුසැමි යුවළකට බඹරුන් දෂ්ට කිරීමෙන් සැමියා මියගොස් බිරිඳ බරපතල තුවාල ලබා ඇතැයි අගුණකොළ පෑලැස්ස පොලිසිය පවසයි.
ප්‍රදේශවාසියකු සමග අඹුසැමි යුවළ පොල් කඩන්නට ගොස් ඇති බවත් කඩන ලද පොල් අහුලමින් සිටියදී දෙදෙනා බඹර ප්‍රහාරයට ලක්ව ඇති බවත් පොලිසිය කියයි.
අසාධ්‍ය තත්ත්වයේ පසු පුරුෂයා රෝහලට රැගෙන යන විටත් මිය ගොස් තිබුණු බවත් බිරිඳ ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ සිහිසුන්ව ප්‍රතිකාර ලබමින් සිටි බවත් පොලිසිය කියයි.
බඹර ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ අලුත් දුරගේ අන්දිරිස් නම් අවුරුදු 69 ක් වූ තිදරු පියෙකි.