WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මධ්‍යම කඳුකරයට ඝණ මීදුම් තත්ත්වයක් – රියදුරන්ටත් දැනුම්දීමක්

2025 June 23- Page Views : 1189

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (23) දින අලුයම සිට ඝණ මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව අප වාර්තාකරු පවසනවා.

හැටන් නුවරඑළිය, හැටන් කොළඹ සහ අතුරු මාර්ගවල මෙම ඝණ මීදුම් තත්ත්වය පවතියි.

එම මාර්ගවල රථවාහාන ධාවනය කිරිමේදී වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.