O /L ප්‍රතිපල නිකුත් කරන දිනය ගැන දැනුම්දීමක්
2025 June 29- Page Views : 1188
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2024 (2025) විභාග ප්‍රතිඵල ජූලි මස තුන්වැනි සතියේදි පමණ නිකුත් කිරීමට හැකි වනු ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසනවා .
එමෙන්ම විභාග ප්‍රතිඵල නිකුත් කරන බවට ඉකුත් දිනවල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වූ විවිධ පුවත් සාවද්‍ය බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ .
විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බවයි.