මෙරට කෘෂි ක්ෂේත්‍රයේ සංවර්ධනයට ප්‍රංශයේ සහාය
2025 July 03- Page Views : 15 මෙරට කෘෂි ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා නව තාක්ෂණය ලබාදෙන බව ප්‍රංශය අවධාරණය කරනවා.
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රැමි ලැම්බට් මහතා අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතා හමුවූ අවස්ථාවේදීයි මේ බව ප්‍රකාශ කළේ.
උතුරේ ඉඩම් ගැටලු නිරාකරණයේ දී ප්‍රංශයේ දායකත්වය ලබා ගන්නා ආකාරය පිළිබඳව ද මෙම හමුවේ දී සාකච්ඡා කෙරුණා.
ප්‍රංශ විප්ලවයෙන් ලෝකයට අලුත් අදහසක් එක්කළ අතර එහි බොහෝ දෑ තම දේශපාලන ජීවිතයට ද එක්කර ගත් බවයි ලාල් කාන්ත මහතා කියා සිටියේ.
දේශපාලඥයන් පිළිබඳ නව ආකල්ප එක්කිරීමට මෙම විප්ලවයෙන් හැකි වූ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.