WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

SF ගුවන් සමාගමේ භාණ්ඩ ප්‍රවාහන යානයක් කටුනායකට

2025 July 03- Page Views : 32

ශ්‍රී ලංකාව සහ චීනය අතර ගුවන් භාණ්ඩ ප්‍රවාහන සම්බන්ධයෙන් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් එස් එෆ් ගුවන් සමාගමේ භාණ්ඩ ප්‍රවාහන යානයක් කටුනායකට පැමිණියා.

කුන්මින් සිට කටුනායකට ළඟා වූ එම ගුවන් යානය සාම්ප්‍රධායික ජල ආචාරයකින් පිළිගත්තා.

එස් එෆ් ගුවන් සමාගමේ බී 757 – 200 භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය පිළිගැනීම සදහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ ලංකා ගුවන් සේවා පුද්ගලික සමාගම මගින් උත්සවයක් සංවිධාන කර තිබුණා.

කුන්මින් සිට කොළඹ දක්වා වු මෙම නව ගුවන් මාර්ගය නැගෙනහිර හරස් මාර්ගය ලෙසටයි හදුන්වා ඇත්තේ. ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන අතර සෘජු සහ කාර්යක්ෂම ගුවන් සැපයුම් කොරිඩෝවක් පිහිටුවීමෙන් වෙළද සබදතා ශක්තිමත් කෙරෙනවා.

කොළඹ ඇති උපාය මාර්ගික පිහිටීම හේතුවෙන් දකුණු ආසියාව, අග්නි දිග ආසියාව සහ ඉන්දීය සාගර නැව් මාර්ග සම්බන්ධ කරමින් කලාපීය ආර්ථික ඒකාබද්ධතාව වැඩිදියුණු කෙරෙනවා.