WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රාගම, බටුවත්ත ප්‍රදේශයේ වෙඩ් තැබීමකින් අයෙක් මරුට

2025 July 04- Page Views : 35

"ආමි උපුල්" නැමැත්තා, අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී වෙඩි තබා ඝාතනය කරන ලද පාතාල කල්ලි සාමාජිකයෙකු වන "ගණේමුල්ල සංජීව" ගේ සහචරයෙකු බව පොලිසිය සඳහන් කළා.

රාගම, බටුවත්ත, මිහිඳු මාවත ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර වෙඩ් තැබීමක් සිදුව තිබෙනවා. 

  සිදුවීමෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.   

ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන “ආමි උපුල්” නැමැත්තාට මෙසේ වෙඩි තබා ඝාතනය කර තිබෙන බවයි පොලිසිය පැවසුවේ.