WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තවදුරටත් මුහුදු නොයන්නැයි ධීවරයින්ට උපදෙස්

2025 July 12- Page Views : 21

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ඉදිරි පැය 24 තුළ යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික හා ධීවර ප්‍රජාවට තවදුරටත් දැනුම් දෙනවා. 

  නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ අදාළ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 65 දක්වා ඉහළ යා හැකි බවයි. 

එමෙන්ම, මෙම මුහුදු ප්‍රදේශවල රළ මීටර 2.5 ත් 3 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාව පවතිනවා. 

  මේ හේතුවෙන් එම ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.