WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

විලංගු ලූ දෑතින් කළ නිර්මාණ එළි දකියි

2025 July 14- Page Views : 38

බන්ධනාගාර රැඳවුවන්ගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක් පැවැත්වීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

“සිරසර ශිල්ප 2025’’ ලෙස මෙම ප්‍රදර්ශනය නම් කර ඇත.

මෙරට බන්ධනාගාර 28 ක  රැඳවුවන්ගේ කලාත්මක කුසලතා නිර්මාණ මෙහිදී මිලදී ගැනීමේ අවස්ථාවද පවතින බව අමාත්‍යංශය කියයි.

බන්ධනාගාර රැඳවියන්ගේ දක්ෂතාවයන් අනුව කෘෂි අංශය, කොසු ඉදල් අංශය, වඩු අංශය, කම්මල් අංශය,සබන් අංශය, බේකරි අංශය, බ්ලොක් ගල් අංශය, විවින් අංශය, මැහුම් අංශය සහ  පාවහන් අංශය ඇතුළු විවිධ අංශ සදහා යොමු කරන අතර, එහිදී ඔවුන් සකස් කරනු ලබන භාණ්ඩ සහ නිර්මාණ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර ඇත.

රැඳවියන් විසින් සකස් කරන ලද පුටු, මේස, අල්මාරි, ඇඳන්, පොත් රාක්ක, කණ්ණාඩි මේස, බිත්ති රාක්ක වැනි  දැව භාණ්ඩ, කැති රේක්ක, අත් සවල්, අත් මුල්ලු, පිහි ඇතුළු කම්මල් භාණ්ඩ, ඇඳ ඇතිරිලි, රෙදි පැන්සල් කේස්, රෙදි පාපිසි, අත් පිස්නා, ඇඳ අතිරිලි  ඇතුළු මැහුම් නිර්මාණ, කාබනික පොහොර, සහල්, කැවිලි වර්ග, බඩ ඉරිඟු, එළවලු වර්ග සහ පලා වර්ග, මදුරු දැල්, සාරි, බිත්ති ලාම්පු, මේස ලාම්පු, ඇතුළු නිෂ්පාදන මෙහිදී මිලදී ගැනීමේ හැකියාව ඇතැයි අමාත්‍යංශය කියයි.

“සිරසර ශිල්ප 2025’’ කුසලතා  ප්‍රදර්ශනය මෙම මස 15, 16 සහ 17 යන දින වලදී පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා  බත්තරමුල්ල දියත පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර, ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්ම මහත්මීහු ආරම්භක අවස්ථාවේ ආරාධිතයෝ ලෙස සහභාගී වෙති.