WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ සමාලෝචන වැඩසටහන ඇරඹෙයි

2025 July 14- Page Views : 38

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ ඉතා වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකි න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ සූදානම සමාලෝචනය කෙරෙන විශේෂ වැඩසටහන, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) කොලඹදී ආරම්භ වී තිබෙනවා.

පරමාණුක බලශක්ති මණ්ඩලයේ මෙහෙයවීමෙන් අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ (IAEA) විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් අද දින (14) ආරම්භ වූ වැඩසටහන ජූලි 18 දක්වා පැවැත්වෙයි.

මෙහිදී ආරම්භක අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා ලංකාවේ න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ ඉදිරිය ගැන කල්පනා කිරීමේදී අද ඇරඹුණු මෙම සමාලෝචන වැඩසටහන ඉතා වැදගත් පියවරක් වන බව ප්‍රකාශ කළා.

තවද, විශ්වාසනීයත්වය, අඩු පිරිවැය හා බලශක්ති ආරක්ෂාව සම්බන්ධයෙන් සලකන කළ න්‍යෂ්ටික ශක්තිය ඉතා වැදගත් බවද ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ දිගු කාලීන විදුලි ජනන සැලැස්ම පුළුල් කිරීම (LTGEP) 2025–2044 යටතේද මූලික ක්‍රමවේදයක් ලෙස න්‍යෂ්ටික ශක්තිය ඇතුළත් කර ඇති බවයි සඳහන් කළේ.

ශ්‍රී ලංකාව තවමත් න්‍යෂ්ටික ශක්තිය භාවිතය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති නමුත්, අනාගත අවශ්‍යතාවයන් සලකා බලා එය භාවිතා කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සකස් කිරීමේ කටයුතු දිගටම ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවා.

තවද, ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ හොඳ ඇගයීමක් ලබා ගැනීමට මෙම සමාලෝචන වැඩසටහන මගින් අවස්ථාව සැලසෙන අතරම, ඒ සම්බන්ධව අපගේ වර්තමාන තත්වය හඳුනා ගැනීමට හා ඉදිරි පියවර සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීමටද එය උපකාරී වන බවත් තවදුරටත් සඳහන් කළා.

මෙම අවස්ථාව සඳහා අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ න්‍යෂ්ටික විශේෂඥ ජෝන් හද්දාද් (John Haddad) ප්‍රමුඛ විශේෂඥයින් පිරිසක් සහ ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපති ආචාර්ය තුෂාරා රත්නායක මහත්මිය, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ජගත් පිටවල මහතා ඇතුළු ක්ෂේත්‍රයට අදාල විද්වතුන්, ප්‍රවීණයින් රැසක්ද සහභාගී වී සිටියා.