සැඩ සුළඟට හසු වී ධීවරයෙක් මුහුදේ අතුරුදන් වෙයි
2025 July 19- Page Views : 6 බේරුවල ධීවර වරායෙන් මුහුදුගිය යාත්‍රාවක සිටි පුද්ගලයෙකු අද (19) අලුයම ඇති වූ සැඩ සුළඟට හසු වී අතුරුදන් වී තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පවසා සිටියේ, අනතුරට ලක් වූ යාත්‍රාවේ ධීවරයන් 6 දෙනෙකු සිටි බවය.
එම යාත්‍රාව ඉකුත් 15වනදා මුහුදුගොස් අද නැවත ගොඩබිමට පැමිණීමේදී බේරුවල මුහුද ආසන්නයේ දී මෙම අනතුර සිදුව ඇත.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන්.