ගංජා අල්ලන්ක ගිය පොලිසිය හතරක් සිරකරගෙන
2025 July 28- Page Views : 1188
කයිට්ස් මණ්ඩතීවි ප්‍රදේශයේ නිවසක කේරළ ගංජා වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් සිව් දෙනකු ප්‍රදේශවාසී පිරිසක් සිරකර ගෙන පහර දෙමින් සිටියදි පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය එක්ව එම පිරිස මුදාගත් බව කයිට්ස් පොලිසිය පවසයි.
මෙලෙස මුදාගෙන ඇත්තේ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් තිදෙනෙකි.
මණ්ඩතීව් පහ කොටස ප්‍රදේශයේ නිවසක කේරල ගංජා තොගයක් ඇති බවට ලද තොරතුරකට අනුව මෙම පිරිස ඊයෙ (27) සවස අදාල නිවස පරීක්ෂාවට ලක් කොට ඇත.
පරීක්ෂාවට ලක් කළද එහි කේරල ගංජා හමුවී නොමැති අතර, ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් මෙම නිවසේ කේරල ගංජා ඇති බවට තොරතුරු ලබා දුන් පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු විමසූ බව පොලිසිය කියයි.
ප්‍රදේශවාසීන් එම නිවස තුළ නිලධාරීන් රඳවාගෙන ඔවුන්ට සාපරාදී බලහත්කාරකම් පාමින් ඔත්තුව ලබා දුන්නේ කවුද යන්න විමසමින් සිටියදී , මණ්ඩතියූ දේවස්ථානයේ පියතුමා එම ස්ථානයට පැමිණ පිරිස ග්‍රහණයේ සිටි නිලධාරීන් දේවස්ථානය වෙත රැගෙන ගොස් ඇත.