ජනාධිපති අනුරට අපහාස කිරීම සම්බන්ධයෙන් තිස්ස කුට්ටිආරච්චි අධිකරණය හමුවේ කණගාටුව පළ කරයි
2025 July 29- Page Views : 1188
ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව කොන්දේසි විරහිතව කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි අද කොළඹ දිසා අධිකරණය හමුවේ දැනුම් දුන්නා.
තමන්ට සිදුකළ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන දහයක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා අනුර කුමාර දිසානායක විසින් ගොනු කර තිබූ නඩුවක් අද කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටි තිස්ස කුට්ටිආරච්චි සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදුකළා.
ඉන් අනතුරුව එම නඩුව දෙපාර්ශ්වයේ එකඟත්වය ඇතිව සමථයකට පත් කෙරුණා.