WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මුළු තණමල්විලටම සුදුවා බෙදූ නැන්දම්මා සහ ලේලී අත්අඩංගුවට

2025 August 06- Page Views : 1193

තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් තණමල්විල පොලිස් බල ප්‍රදේශයට අයත් කිතුල්කොටේ ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී නීති විරෝධී මත්පැන් ජාවාරමක් පවත්වාගෙන ගිය කාන්තාවක් හා ඇයගේ ලේලිය ඊයේ (05) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල කිතුල්කොටේ පදිංචි 53 හැවිරිදි කාන්තාවක හා ඇයගේ 24 හැවිරිදි ලේලියයි.

කිතුල්කොටේ ප්‍රදේශයේ කාන්තාවක විසින් නිති විරෝධී කසිප්පු ජාවාරමක් සිදුකරගෙන යන බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.

වැටලීමේදී විකිණීමට ගෙනවිත් එම කාන්තාව සන්තකයේ තිබී කසිප්පු ස්ප්‍රිතු බෝතල් 46ක් හා කසිප්පු පැකට් 13ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියට අදාලව අදාල කාන්තාව පොලිසිය විසින් එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන් ඇති අතර එහිදී එම කාන්තාවගේ 24 හැවිරිදි ලේලිය ඊට ප්‍රතිවිරෝධය පා පොලිස් නිළධාරීන්ගේ රජකාරියට දැඩි ලෙස බාධා කර තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වු පොලිසිය අදාල කාන්තාවන් දෙදෙනාම පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

තණමල්විල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා