කාදිනල් හිමියන් සහ කතෝලික රදගුරු සම්මේලනය ජනපති හමුවෙයි
2025 August 21- Page Views : 1188
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමියන් සහ කතෝලික රදගුරු සම්මේලනය ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ.
ඊයේ (20) පස්වරුවේ මෙම හමුව පැවැත්වුණි.
වසරකට තෙවතාවක් පැවැත්වෙන කතෝලික රදගුරු සම්මේලනයේදී සාකච්ඡා වූ මූලික කරුණු පිළිබඳව මෙහිදී කාදිනල් හිමියන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරන ලදී.
එසේම, කතෝලික සභාවේදී මතුවූ අදහස් සහ යෝජනා පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති හැරල්ඩ් ඇන්තනී පෙරේරා රදගුරුතුමා සහ එම සම්මේලනයේ සාමාජිකයෝද එක්වී තිබුණි.