පානදුරේ වෙඩි පහරින් අයෙක් මරුට
2025 August 28- Page Views : 1188
අවිගත් නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු ඊයේ රාත්‍රී පානදුර වඳුරාමුල්ල අළුබෝගහවත්ත නිවසකට කඩා වැදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි.
මෙලෙස ඝාතනය කර ඇත්තේ පෙතිගේ දිල්හාර ප්‍රනාන්දු (55) නැමැත්තෙකි.
මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පානදුරට නිලංක සම්පත් නැමැත්තාගේ බිරිඳගේ පියා බව පොලිසිය සඳහන් කරයි.