ජා.ජ.බ-පෙරටුගාමීන් කාර්යාලයකට ගැටෙයි
2025 September 02- Page Views : 1189
යක්කල , කිරිඳිවැල මාර්ගයේ පිහිටි කාර්යාලයක් අයිතියක් සම්බන්ධයෙන් ජාතික ජනබල වේගය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් අතර එම කාර්යාල පරිශ්‍රයේදී අද උදෑසන 6 ට පමණ ගැටුමක් සිදුව ඇත.
මේ වන විටත් දෙපිරිස එම කාර්යාලය ඉදිරිපිට රැදී සිටින අතර තත්ත්වය පාලනය කිරීමට පොලීය පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියේ, සිද්ධිය පිළිබඳව විමර්ශන කෙරෙන බවය.ගම්පහ , යක්කල, වීරගුල සහ වැලිවේරිය පොලිස්ථාන මගින් නිලධාරීන් කැදවා සිටි ආකාරය දක්නට ලැබිණි.