සම්බා සහල් වැඩිමිලට අලෙවි කළ ගාල්ලේ පෞද්ගලික සමාගමකට දඩ
2025 September 26- Page Views : 1188
ආනයනික සම්බා සහල් කිලෝවක් වැඩිමිලට අලෙවි කළ ගාල්ල - කහදූව වත්ත ප්‍රදේශයේ පෞද්ගලික සමාගමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ 05ක දඩයක් නියම කර තිබෙනවා.
එම සමාගමේ හිමිකරු වරද පිලිගැනීම හේතුවෙන් මෙලෙස දඩ නියම කළ බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ප්‍රකාශ කළේ.
මෙහිදී ආනයනික සම්බා සහල් කිලෝවක් රුපියල් 273 ක මිලකට අදාළ සමාගම විසින් අලෙවි කර තිබෙනවා.
මෙහි පාලන මිල වන්නේ රුපියල් 230 ක්.