දුම්රියේ ගැටීමෙන් දරුවෙකු මරුට
2025 September 28- Page Views : 1188
රඹුක්කන පොලිස් වසමේ තිස්මල්පොල දුම්රිය ස්ථානයේදී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 14ක් වූ මැදගම ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.
මියගිය දරුවා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමඟ රඹුක්කන සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක තිස්මල්පොල දුම්රිය ස්ථානය දක්වා ගොස් ඇති අතර දුම්රියෙන් බැසීමේදී ඔහු දුම්රිය වේදිකාවට නොබැස දුම්රිය මාර්ගයට බැස තිබේ.
එම අවස්ථාවේ දී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය පැමිණ ඇති අතර එහිදී ඔහු එම දුම්රියේ ගැටී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
රඹුක්කන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.