සෙල්ලම් පිස්තෝලයක් ගෙන අධිකරණයට ඇවිත්
2025 October 28- Page Views : 1191
අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට සෙල්ලම් පිස්තෝලයක් සමඟ පැමිණ සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නෙටොල්පිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
ඉහත අධිකරණයෙන් විභාග වන නඩුවක් සඳහා මෙම කාන්තාව ඊයේ (27) පස්වරුවේ පැමිණ ඇති අතර, අධිකරණ ප්‍රධාන දොරටුවේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරියක් විසින් සැකකාර කාන්තාවගේ අත් බෑගය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී ඉහත සෙල්ලම් පිස්තෝලය අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරිය අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
සෙල්ලම් පිස්තෝලයක් අත් බෑගයේ සඟවා අධිකරණ භූමියට ඇතුළු වීමට උත්සාහ කළේ ඇයිද යන්න හෙළි කර ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.