2026 දී මෙරට ආර්ථික වර්ධනය ගැන IMF පුරෝකථනයක්
2025 October 29- Page Views : 8
එළැඹෙන වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.1% දක්වා වර්ධනය විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, තෝමස් හෙල්බ්ලින් විසින් ඒ බව සඳහන් කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකා රජය ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ආරම්භ කළ පසුබිමක ආර්ථික වර්ධනයේ ශක්තිමත් ප්‍රකෘතියක් ඇති වූ බවත් පසුගිය වසරේ වර්ධනය 5%ක් වූ අතර මෙම වසරේ පළමු භාගයේදී වර්ධනය 4.8%ක් බවත් එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී සඳහන් කර ඇත.
මේ වන විට එම ශක්තිමත් ප්‍රකෘතියෙන් යම් ප්‍රමාණයක් සාමාන්‍යකරණය කිරීමක් පමණක් වූ අතර, ආර්ථික ක්‍රියාකාරකම්වල මට්ටම අනුව, ඇතැම් වර්ධනයන්හි බලපෑම තාවකාලික බව ද එහිදී අදහස් පළ විය.
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 3.1%ක් වන අතර, 2024 සහ 2025 දී සැබවින්ම අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත් ප්‍රකෘතිමත් වීමක් දැකිය හැකිවනු ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආසියාවේ ආර්ථිකය සම්බන්ධයෙන් පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වැඩිදුරටත් සඳහන් විය.