WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මාලමුල්ලේ සාදයක් මැද සිදුකළ ඝාතනයේ සැකකරුවෙක් කොටු වෙයි

2025 October 31- Page Views : 3

හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේ පැවැත්වූ සාදයක් අතරතුරදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් T56 ගිනි අවියකින් වෙඩි තැබිමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලැබීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අපරාධය 2025.04.29 වන දින අලුයම් කාලයේදී සිදුකර තිබූ අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (30) හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේදී ය.

මෙම අපරාධය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශන දියත් කර තිබුණි.

ඒ අනුව, පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අපරාධයේ සැකකරුවන්ට නවාතැන් පහසුකම් ලබාදීම සහ පලා යාමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන හිරණ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

සැකකරු වයස අවුරුදු 40ක් වන මොරවින්න, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් හිරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.