WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පොලොව බිඳින ස්කෑනරයක් සමග දෙකක් මාට්ටු

2025 October 31- Page Views : 1193

කන්තලේ වාන් ඇල ප්‍රදේශයේ නිධානයක් ගැනීමේ අරමුණින් භූගත වස්තූන් සොයන ස්කැනර් (scanner) යන්ත්‍රයක් සන්තකයේ තබාගෙන නිවසක රැඳී සිටී දෙදෙනකු ස්කැනර් යන්ත්‍රය සමඟ අත්අඩංගුවට ගැනීමට වාන් ඇල පොලිසිය සමත් වූහ.

පොලිසියට ලද තොරතුරක් අනුව සැකකරුවන් දෙදෙනා සමග ස්කෑනර් යන්ත්‍රය අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකරුවන් ත්‍රිකුණාමලය, කින්නියා හා වත්තල අල්විස් වත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය කියයි .