WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මන්ත්‍රීලාගේ ආරක්ෂාව කතා කරන්න පොලිස්පති පාර්ලිමේන්තුවට

2025 October 31- Page Views : 1192

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කතානායකවරයා සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද  පැවැත්වේ.

මේ සාකච්ඡාව සඳහා සහභාගි වීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාද  මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තුවට  පැමිණියේය.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පොලිස්පතිවරයා පාර්ලිමේන්තුවට කැඳවන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළහ.