WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අධිකරණ සේවයේ 20ක් රාජකාරිවලින් ඉවත් කරලා

2025 November 03- Page Views : 35

අධිකරණ සේවා කොමිෂන් සභාව විනිසුරුවරුන් සහ අධිකරණ සේවයේ නිලධාරීන් 20 දෙනකු සිය රාජකාරීවලින් ඉවත්කර ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

එලෙස රාජකාරිවලින් ඉවත්කළ පිරිසට එක් මහාධිකරණ විනිසුරුවරයකු, මහේස්ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරුවරුන් ඇතුළත් වන බව ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.

රාජකාරීවලින් ඉවත්කළ 20 දෙනාගෙන් හත් දෙනකුගේ සේවය අවසන් කර ඇති බවත් අනෙක් අය වැඩ තහනම් කර හෝ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ලක් කර ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

රාජකාරියෙන් ඉවත් කළ මහාධිකරණ විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ඉදිරියේ පරීක්ෂණයකට මුහුණ දී සිටින බවද ආරංචි මාර්ග පැවැසුවේය.

අධිකරණ සේවයේ සිටින්නන් පිළිබඳව මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි පිළිබඳව විමර්ශනය කිරීමෙන් අනතුරු මෙම පිරිස රාජකාරීවලින් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබෙන බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

එල්ල වූ චෝදනාවලට වරදකරු වූවන් විශ්‍රාම ගන්නා වයස ආසන්නයේ සිටී නම් ඔවුන්ට විශ්‍රාම ගැනීමේ විකල්පය ලබාදීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කළ බවද ආරංචි මාර්ග පැවැසුවේය.

දූෂණ වැනි බරපතල චෝදනා එල්ල වූ අය සම්බන්ධයෙන් චෝදනා පත්‍ර භාර දී පරීක්ෂණ පවත්වා තිබෙන බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

පරීක්ෂණයකින් පසුව චෝදනාවලට වරදකරු වන්නන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ සභාපතීත්වයෙන් යුතු අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් රාජකාරියෙන් ඉවත් කරනු ලැබ තිබෙන බවද ආරංචි මාර්ග පැවැසුවේය.