රාජකාරියට බාධා කළාට කිලිනොච්චියේ 10ක් අත්අඩංගුවට
2025 November 03- Page Views : 38
නීති විරෝධි මත්පැන් වැටලීමක් සිදු කිරීමට ගිය කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමකට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙකු හා සැකකාරියන් 05 දෙනෙකු අත්අඩංගුවට තිබේ.
අදාළ නිලධාරීන් පිරිස රාමනාදපුරම් පොලිස් වසමේ සුඩලකුලම් ප්‍රදේශයේ දී නීති විරෝධි මත්පැන් වැටලීමක් සිදු කර සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ යකඩ පොලු හා ලී පොලු රැගෙන පැමිණි පිරිසක් විසින් නිලධාරීන්ට පහරදී සැකකරු මුදවා ගෙන එම ස්ථානයෙන් පලාගොස් ඇත.
ඒ අනුව රාමනාදපුරම් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් නිලධාරීන්ට පහරදීම සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් දෙදෙනෙකු කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 16ත් 32ත් අතර වයස්වල පසුවන අතර සැකකාරියන් අවුරුදු 26ත් 45ත් අතර වයස්වල පසුවන රාමනාදපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
ඔවුන් අද (03) කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.