WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කොටපොළ සමූපකාරයේ බලයත් විපක්ෂයට

2025 November 03- Page Views : 33

කොටපොළ විවිධ සේවා සමූපකාර ප්‍රාදේශික නිලවරණයෙන් බහුතර බලය හිමිකර ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට හැකි වුණා.

ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව සමස්ථ නියෝජිතයින් 100 දෙනා අතුරින් 65 දෙනෙකු සජබ ප්‍රමුඛ පොදු විපක්ෂයෙන් පත් වී තිබෙනවා.

එමෙන්ම, ජාතික ජන බලවේගයෙන් පත්ව ඇත්තේ නියෝජිතයින් 25 දෙනෙකු පමණයි.

ජාතික ජන බලවේගය නියෝජනය කරන කොටපොළ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ එහි මන්ත්‍රීවරුන් 06 දෙනෙකු සහ පිටබැද්දර ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාද මෙවර නිලවරණය සඳහා තරග කළ නමුත් ඔවුන් සියලු‍ දෙනාම පරාජය වී තිබෙනවා.

ඒ අනුව, සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට ඉදිරියේදී කොටපොළ විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 07 දෙනා පත් කර ගැනීම සඳහා අවස්ථාව හිමිවනු ඇති.