ඉල් පොහොය අදයි
2025 November 05- Page Views : 1187
වස් එළඹ සිටි භික්‍ෂූන් වහන්සේලා උදෙසා කඨින චීවර පූජා පින්කම සිදු කළ හැකි චීවර මාසයේ අවසන් දිනය ඉල් පොහොයයි. බුදුන් වහන්සේගේ ප්‍රථම ධර්මදූත පිරිස වූ රහතන් වහන්සේලා සැට නම ලෝවැසියාට හිතසුව පිණිස ධර්ම ප්‍රචාරය සඳහා පිටත්කර යැවීම, තුන්බෑ ජටිලයන්ගේ (උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප) හිත සුවපිණිස උරුවෙල් දනව්ව බලා වැඩම කිරීම, මෛත්‍රී බෝසතුන් මතු බුදු වන බවට නියත විවරණ ලැබීම, සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑම, පසුවස් එළඹි භික්‍ෂූන් වහන්සේලා පවාරණ විනය කර්මය සිදු කිරීම ඉල් පුර පොහොය හා බැඳුණු ශාසනික සිදුවීම් අතර වේ.