WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පිරිසක් ගමන් ගත් ත්‍රිරෝද රථය බිහිසුණු අනතුරක

2025 November 07- Page Views : 1187

මස්කෙළිය අප්කට් සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් ලිස්සා ගොස් දුරකථන රැහැන් කණුවක ගැටීමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කළ බව හැටන් පොලීසිය පැවසීය.

එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රිරෝද රථය අප්කට් හැටන් ප්‍රධාන මාර්ගයේ දික්ඔය වනරාජා වත්ත තේ කර්මන්තශාලාව අසල දී ලිස්සා ගොස් දුරකථන රැහැන් කණුවේ ගැටී නතර වී ඇත.

ත්‍රිරෝද රථය අනතුරට පත් වන අවස්ථාවේ රථය තුළ සිව්දෙනෙකු ගමන් කර ඇති බවත්, අනතුරින් ත්‍රිරෝද රථ රියදුරා සහ පසුපස අසුනේ ගමන් ගත් රියදුරාගේ බිරිඳ තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.

අනතුරින් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී තිබුණි.

මේ දිනවල මධ්‍යම කඳුකරයේ පස්වරුවේ පවතින අයහපත් කාලගුණයත් සමඟ මාර්ග ලිස්සන සුළු බැවින් එම මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් ලෙස සෙ‍මෙන් රිය ධාවනය කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.