දඹුල්ලේ විකුණන්න බැරි වට්ටක්කා
2025 November 11- Page Views : 14
වට්ටක්කා ගොවීන්ට අස්වැන්න සඳහා නිසි මිලක් නොමැති වීම, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ වට්ටක්කා මිලදී ගැනීමට වෙළෙන්දන් නොමැති වීම සහ සාධාරණ මිලක් නොමැතිවීම නිසා ගොවිහූ දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි කියති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද ( 11) උදෑසන වට්ටක්කා කිලෝ වක් රුපියල් 20 සිට රුපියල් 40 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ අලෙවි කිරීමට සිදුවන බව ගොවීහු පෙන්වා දෙති. වට්ටක්කා කිලෝවක් රුපියල් විසි දෙකකට අලෙවි කිරීමෙන් තමන්ට ඇත්තේ කුමන ලාභයක්ද යි ගොවිහූ ප්‍රශ්න කරති.
අනුරාධපුර දිස්ත්‍රික්කය මාතලේ දිස්ත්‍රික්කය මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කවලද මෙවර ලොකු අටක්කා විශාල වශයෙන් වගාකර තිබේ. වගාකල ද තම අස්වැන්න ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආවද ඒවා අලෙවි නොවීම නිසා ගොවීන්ට තවත් පිරිවැයක් දැරීමට සිදුව ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
මීට අමතරව කිලිනොච්චිය සහ යාපනය ප්‍රදේශයෙන් ද වටක්කා තොග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන විත් තිබේ. ඔවුන් සඳහන් කරන්නේ තමන්ට අවම තරමේ නිෂ්පාදන වියදම නොව ප්‍රවාහන කුලියකටවත් වටක්ටක්කා විකුණා ගැනීමට නොහැකි බවය.
මේ පිළිබඳ වැඩි ලෙස අසරණ වූ ගොවීන් සඳහන් කරන්නේ තෙල් පොහොර මිල සහ නිෂ්පාදන වියදම විශාල වශයෙන් ඉහළ ගොස් තියෙන අවස්ථාවක වට්ටක්කා කිලෝවක් රුපියල් විසි දෙක ගානේ අලෙවි කිරීම පුදුම සහගත බවය